නව වැනි පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන, නියෝජ්‍ය කථානායක ජිත් රාජපක්ෂ සහ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් යන අයට උපහාර පිරිනැමීමේ උත්සවයක් පසුගියදා පැවැත් වුණා.
පාර්ලිමේන්තුවක කාලය අවසානයේ සම්ප්‍රදායානුකූලව සිදුකෙරෙන මෙම උපහාර පිදීමේ උත්සවය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණා.
මෙහිදී අදහස් දක්වමින් නව වැනි පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපාඅබේවර්ධන විසින් ගත වූ කාලය තුළ, සිය රාජකාරි කටයුතුවල දී ලබාදුන් සහයෝගය වෙනුවෙන් පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය ඇතුළු පාර්ලිමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලය වෙත ස්තුතිය පුදකර සිටියා.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සමඟ සුහද පිළිසදරක නිරත වූ මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනී සිටීමට අමතක කළේ නැහැ.
මේ අතර නොවැලැක්විය හැකි හේතූන් මත අජිත් රාජපක්ෂ සහ අංගජන් රාමනාදන් යන අය මෙම අවස්ථාවට සහභාගී නොවන බව දන්වා තිබුණා.




















How did Kushani Rohanadeera come to the Parliament post?