පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (03) පස්වරුවේ පැවැත් වෙනවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

පාර්ලිමේන්තුව 08 වැනිදා විවෘත කිරීමෙන් පසු රැස්වීම් පැවැත්වෙන ආකාරය සහ විවාදයට ගන්නා යෝජනා සම්බන්ධයෙන් මෙහිදී තීරණය කෙරෙනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් 09 වන පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය පසුගියදා අවසන් කරනු ලැබූ අතර, පාර්ලිමේන්තුව නැවත විවෘත කිරීමට නියමිතව ඇත්තේ ලබන 08 වනදායි.

මේ අතර, පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසුව තේරීම් කාරක සභාව පත්කර පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් පසුව අහෝසි වී ගිය කමිටු කඩිනමින්ම පත්කර ගැනීමට අපේක්ෂා කරන බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27