spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තුව විසුරුවීමට කොන්දේසි විරහිතව එකඟ වෙනවා – මන්ත්‍රී වලේබොඩ කියයි (වීඩියෝ)

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිවුවද පාර්ලිමේන්තුව විසුරුවීම සදහා කොන්දේසි විරහිතව එකඟ වන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (17)දින පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එමෙන්ම තමන් හට ඕනෑම දේශපාලන පක්ෂයකින් ඉදිරි මැතිවරණ සදහා ඉදිරිපත් විය හැකි බවත් ඔහු සදහන් කළා.

ජාතික ජන බලවේගය පක්ෂය රටේ සම්පත් විකිණීමට විරුද්ධ , රටට ආදරේ කරන පක්ෂයක් බවත් ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ තමන් නියෝජනය කරනු ලබන පක්ෂය ,ජාතික ජන බලවේගය සමග ඉදිරි මැතිවරණ සදහා එක්වනවාද යන්න මේ වන තෙක් තීරණය කර නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?