පාර්ලිමේන්තුව ලබන 21 සිට 24 දක්වා රැස්වේ(ඡායාරූප)

පාර්ලිමේන්තුව මාර්තු 21 වැනිදා සිට 24 වැනිදා දක්වා රැස්වීමට අද (16) පස්වරුවේ නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මහලේකම් ටිකිරි කේ ජයතිලක මහතා පවසන්නේ ලබන 21 වැනි අගහරුවාදා ‍පෙ.ව 9.30 ට රැස්වන පාර්ලිමේන්තුව පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇති බවයි

අනතුරුව නීති අධ්‍යාපන සභා ආඥා පනත යටතේ අංක 2208/13 දරන ගැසට් පත්‍රයේ පළකර ඇති රීති, විවාද කිරීමකින් තොරව අනුමත කරගැනීමට නියමිතව තිබෙනවා.

පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සදහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය විවාදයට ගැනෙන අතර ඊට අනුමතිය ලබා ගැනීමට ද නියමිතයි.

2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත යටතේ විදුලි බල සහ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද අංක 2313/47 දරන ගැසට් පත්‍රයේ පළකර ඇති නියෝග ද එදින විවාදයට ගැනීමට නියමිත බවද වැඩබලන මහලේකම්වරයාපැවසුවා.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා, ආණ්ඩුව විසින් ගෙන එන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වේ.

මාර්තු 22 වැනි බදාදා පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇති අතර අනතුරුව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ නියමයන් ද්විත්වයක්, 2021 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ යෝජනා සම්මතයන් 6 ක් සහ රේගු ආඥා පනත යටතේ අංක 2312/75 දරන ගැසට් පත්‍රයේ පළකොට ඇති තීරුබදු සම්බන්ධයෙන් වන යෝජනා සම්මතය විවාද කිරීමෙන් පසු අනුමත කර ගැනීමට නියමිතව තිබේ.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර දී තිබෙනවා.

Business Committee 20230316 5
Business Committee 20230316 3
Business Committee 20230316 4
Business Committee 20230316 8
Business Committee 20230316 10
Business Committee 20230316 10 1
Business Committee 20230316 9
Business Committee 20230316 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48