spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තුව ගිනි තැබු සැකකරු කොටුවෙයි

කේප්ටවුන් හි පිහිටා ඇති දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවේ ඊයේ හටගත් ගින්න සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඩාකප්පල්කාරී ක්‍රියාවක නිරතවීම – සොරකම් කිරීම සහ අනවසර පිවිසීම යන චෝදනා යටතේ ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කරන බවයි දකුණු අප්‍රිකා ආරක්ෂක අංශ සඳහන් කලේ.

ගින්න මැඩපැවැත්වීමට පැය ගණනක් ගතවී තිබූ අතර මෙමගින් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බවයි දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රාමෆෝසා සඳහන් කලේ.

මේ දිනවල දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන අතර ඊයේ හටගත් ගින්නෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල සිදුවීම් වාර්තා වී තිබුණේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?