spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තුව කල් තබා වහන්න හදන්නේ මොනවද ?

පාර්ලිමේන්තු සැසිවාරය හදිසියේ කල් තැබීම පිටුපස සැගවුණු හේතුවක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.පාර්ලිමේන්තුව කල් තැබීම පිටුපස සීනි බදු වංචාවේ තොරතුරු හෙලිදරව් වීම වැළැක්වීමට ද ආණ්ඩුවට හැකි වන බවයි සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ.

සීනි වංචාව හරහා රජයේ බදු ආදායමට විශාල හානියක් වූ බවත් එය රුපියල් බිලියන 15.9 ක් මුදලක් බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සදහන් කළා.

පාර්ලිමේන්තුව කල් දැමීම සමග පාර්ලිමේන්තුව හරහා පත් වුන බොහෝ වැදගත් කමිටු රාශියක් තාවකාලිකව අහෝසි වන බවත් ඒ කමිටු අතරින් බොහෝ වැදගත් කමිටුවක් ලෙස සීනි බදු වංචාව පිළිබද සෙවීමට පත් කල කමිටුව විපක්ශ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නා.
එම කමිටුව පවා මෙම වාරාවසානය සමග තාවකාලිකව අඩපන වෙන බව ඔහු මතක් කර සිටියා.සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පලකළේ අරවනමුල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?