පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එක රටක් එක නීතියක් නිර්මාණය කිරීම සඳහා වූ විශේෂ ජනපති කොමිසම පිළිබඳව නැගූ ප්‍රශ්නයක් නිසා පාර්ලිමේන්තුව තුළ විහිළු සහගත තත්ත්වයක් උද්ගත වුණා.

ඒ එම කොමිසමේ පත්වීම් සම්බන්ධයෙන් ඔහු අග්‍රාමාත්‍යවරයාගේ ඇසූ ප්‍රශ්නයකට අග්‍රාමාත්‍යවරයා දුන් පිළිතුරක් මුල් කොටගෙන.

ප්‍රශ්නයට දුන් පිළිතුර

එම ප්‍රශ්නයට අග්‍රාමාත්‍යවරයා පිළිතුරක් ලබා දුන් අතර ඊට ප්‍රතිචාර දක්වමින් දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා දුන් තමන්ගේ ප්‍රශ්නයට පිළිතුරු නොමැති බවයි.

ඉන් පසු එම සිද්ධියට සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාද මැදිහත් වී ජනපතිවරයා එම කොමිසම පත් කළේ ජනපතිවරයාට තිබෙන බලතල අනුව බව සදහන් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේ මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අගමැතිවරයා හා සභානායකවරයා ලොකු උත්සාහයක නියැලෙන බවයි.

අගමැතිගෙන් අහපු ප්‍රශ්නය

මෙවැනි පත්කිරීම් සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදන අගමැතිවරයා දකින්නෙත් තමන් දකින වේලාවට දැයි එහිදී දිසානායක මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.

ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ “නෑ මම ඒවා අනුරට කලින් දකිනවා” යන්නයි.

ඉන්පසුව දිසානායක මන්ත්‍රීවරයා මෙම කොමිසම පත් කිරීම මුල්කොට ගැන අලි ෂබ්රි අධිකරණ අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට සූදානම් වූ බවට පුවත් පත්වල පළවූ පළ වූ පුවත දක්වමින් සදහන් කළේ එවැනි පුවත් පත්තර වලට යන විදිය අගමැතිවරයා හොඳින් දන්නා බවයි.

කැබිනට් තොරතුරු එලියට

දිසානායක මහතා ඒ බව සදහන් කළේ ඉස්සර කැබිනට් මණ්ඩලයේ තොරතුරු පත්තර වලට ගිහි විදිහ අගමැතිවරයා දන්නා අයුරුද මතක් කර දෙමින්.

මෙම සිදුවීමට මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතාද මැදිහත්වීම් පසුගිය ආණ්ඩු සමයේ අරලියගහ මන්දිරයේ තිබූ කොමිටියකට අනුර කුමාර දිසානායක මහතා ඇතුළත් වුයේ කුමන සුදුසුකම් මත දැයි ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේ මහජන ආරක්ෂාව භාර ඇමති මෙහෙම මඤ්ඤං කෙලිනවා නං රටේ තත්ත්වය ගැන කතා කරලා වැඩක් නැති බවයි.

https://youtu.be/_Lfq_m5hUIU


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පාරට බහියි
00:58
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20