පාර්ලිමේන්තුව අද සහ හෙට රැස්වෙයි

පාර්ලිමේන්තු සන්නිවේදන පියස ඊයේ (02) විශේෂ නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ පාර්ලිමේන්තුව අද (03) සහ (04) හෙට රැස්වීමට නියමිත බවයි.

ඒ අනුව අද පෙ.ව 09.30ට පාර්ලිමේන්තුව රැස් වන අතර පෙ.ව 09.30 සිට 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත (දෙවනිවර කියවීම), අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවනිවර කියවීම) සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත් කෙටුම්පත දෙවනිවර කියවීමට නියමිතව තිබෙනවා.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

සැප්තැම්බර් 04 වැනි එනම් හෙට පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30 – පෙ. 10.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

අනතුරුව පෙ.ව. 10.00 සිට ප.ව. 5.00 දක්වා ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ද්විත්වයක්, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි, උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝගය ද්විත්වයක් සහ ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති විවාද කොට සම්මත කිරීමට නියමිතයි.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතව තිබෙන බවත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18