පාර්ලිමේන්තුවේ සභාපති නාමාවලිය සඳහා මන්ත්‍රීවරයන් නම්‍ කෙරේ

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ සභාපති නාමාවලිය සඳහා නම් කරන ලද මන්ත්‍රී නාමලේඛනය කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 143 ප්‍රකාරව නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ අද (10) දින සිට සේවය කිරීම වෙනුවෙනුයි මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභාපති නාමාවලියට ඇතුළත් කර ඇත්තේ.

ඒ අනුව වේලු කුමාර්, මයන්ත දිසානායක, ඉම්රාන් මහරූෆ්, හර්ෂණ රාජකරුණා, රෝහිණි කුමාරි විජේරත්න, හේෂා විතානගේ, කෝකිලා ගුණවර්ධන, ප්‍රේම්නාත් සී. දොලවත්ත, වසන්ත යාපාබණ්ඩාර, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් , මධුර විතානගේ, වීරසුමන වීරසිංහ, සමන්ප්‍රිය හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් සභාපති නාමාවලිය සඳහා ඇතුළත් කර තිබෙනවා.