spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තුවේ මාළු හොද්ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරේ

පසුගියදා ආහාර විෂ වීමට හේතු වූ බව පැවසෙන පාර්ලිමේන්තුවේ මාළු හොද්දේ මාළු කෑලි කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වනවා.

ආහාර විෂ වීමට හේතුව සොයා ගැනීම සඳහා මෙලෙස එම මාළු කෑලි රජයේ රස පරීක්ෂකවරයාට යොමුකර ඇති බව සඳහන්.

පසුගිය බ්‍රහස්පතින්දා (22) පාර්ලිමේන්තුවේ දිවා ආහාරය සමඟ මාළු ආහාරයට ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් හදිසියේ අසනීපව රෝහල් ගත කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායකගේ නියෝගයෙන් විශේෂ පරීක්ෂණයක් ද එදිනම ආරම්භ කළා.

කෙසේ වෙතත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා එහි භෝජනාගාර අංශයේ නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?