පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට දින තුනක වැඩමුළුවක්

පාර්ලිමේන්තු සඳහා තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට හෙට (25) සිට වැඩමුළුවක් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර පවසනවා.

මෙම වැඩමුළුව හෙට (25) දිට දින තුනක් පැවැත්වෙන බවයි මහ ලේකම්වරිය සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කාර්යභාරය, පාර්ලිමේන්තු ක්‍රියාවලිය, පාර්ලිමේන්තුවේ හැසිරිය යුතු ආකාරය සහ නීති සම්පාදන ක්‍රියාවලිය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ දින තුන තුළ උදෑසන 9.30 සිට පස්වරු 4.30 දක්වා මෙම වැඩමුළුව පැවැත්වෙනවා.