spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තුවේ නව මහලේකම්වරියට ඇමරිකා තානාපතිනියගෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය වන ජුලි චංග් මහත්මිය, පාර්ලිමේන්තුවේ නව මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය හමුවී සුබ පැතුම් එක් කර තිබෙනවා.

තානාපතිවරිය අද (02) පාර්ලිමේන්තුවේ දී මහලේකම්තුමිය හමුවෙමින් පවසා සිටියේ ආයතනයක් ලෙස පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ශක්තිමත් කිරීම සදහා නිරතුරුව සහය ලබා දෙන බවයි.

පාර්ලිමේන්තුවේ කාර්යභාරය පුළුල් වී ඇති අතර නව කාරක සභා රැසක් ක්‍රියාත්මක වන බව පැවති සුහද සාකච්ඡාවේදී කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කරනු ලැබුවා.

රාජ්‍ය පාලන ක්‍රියාවලියට තරුණයින් සම්බන්ධ කර ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින බවත්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සවිබල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පත් මෙන්ම අදාළ පාර්ශ්වකරුවන් සමඟ එක්ව කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම සදහා කටයුතු කරන බවත් මහලේකම්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

රෝහණධීර මහත්මියගේ පත්වීම කාන්තා ප්‍රජාවට මෙන්ම සියලු දෙනාටම සතුටට කරුණක් බවත් අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ඉදිරි කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් ‍පැවති සුහද සාකච්ඡාවේදී තානාපතිවරිය සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?