පාර්ලිමේන්තුවේ නව මහලේකම්වරියට ඇමරිකා තානාපතිනියගෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය වන ජුලි චංග් මහත්මිය, පාර්ලිමේන්තුවේ නව මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය හමුවී සුබ පැතුම් එක් කර තිබෙනවා.

තානාපතිවරිය අද (02) පාර්ලිමේන්තුවේ දී මහලේකම්තුමිය හමුවෙමින් පවසා සිටියේ ආයතනයක් ලෙස පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ශක්තිමත් කිරීම සදහා නිරතුරුව සහය ලබා දෙන බවයි.

පාර්ලිමේන්තුවේ කාර්යභාරය පුළුල් වී ඇති අතර නව කාරක සභා රැසක් ක්‍රියාත්මක වන බව පැවති සුහද සාකච්ඡාවේදී කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කරනු ලැබුවා.

රාජ්‍ය පාලන ක්‍රියාවලියට තරුණයින් සම්බන්ධ කර ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින බවත්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සවිබල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පත් මෙන්ම අදාළ පාර්ශ්වකරුවන් සමඟ එක්ව කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම සදහා කටයුතු කරන බවත් මහලේකම්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

රෝහණධීර මහත්මියගේ පත්වීම කාන්තා ප්‍රජාවට මෙන්ම සියලු දෙනාටම සතුටට කරුණක් බවත් අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ඉදිරි කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් ‍පැවති සුහද සාකච්ඡාවේදී තානාපතිවරිය සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19