ඊයේ දින පාර්ලිමේන්තු සභාව ඇමතු සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුශාර ඉදුනිල් මහතා සිය කතාව අතරතුර මෙසේ ප්‍රකාශයක් සිදු කරා.
” දරුවන් පිරිසක් සමඟ පාරුවක් පෙරලුනා කින්යාවෙදි පෙරලුනා පාරුවක්. අධ්‍යාපන ඇමතිතුමාට ඇහෙන්නේ නෑ අර…ජොලියේ ඉන්නේ ජොලියේ ඉන්නේ.මම කියපු එක වචනයක් මේ අධ්‍යාපන ඇමතිතුමා , මේ බොරළුගොඩ සිංහයා කියලානේ එතුමාට විරුදාවලිය තියෙන්නේ මේ ඇමතිතුමාට කිසිම වචනයක් කණකට ගත්තේ නෑ…
තමුන්නාසේලා කෑ ගහන්නේ නැතුව ඉන්න.තමුන්නාසේලාගේ ඇමතිතුමා මේන් මේ හෙන ජොලියක.ගොන් බූරුවා කෑ ගහන්නේ නැතුව ඉන්නවා.”













