පාටි දාන්න මත්ද්‍රව්‍යත් සමඟ නුවරඑළියට පැමිණි 24 දෙනෙක් මාට්ටු

සත් අන්ත දීර්ඝ නිවාඩුවට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන නුවරඑළියට පැමිණි 24 දෙනෙක් අද (18) දින අත්අඩංගුවට ගත් බව නුවරඑළිය මූලස්ථාන පොලිසිය පවසනවා.

නුවරඑළියේ අද (18) දින පැවැත්වෙන සාදයක් සඳහා සහභාගී වීම සඳහා පැමිණි පිරිසක්ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙමටගොඩ, ගම්පහ, කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අවුරුදු 18-28 ත් වයස් කාණ්ඩවල පසුවන අය බවත් ඔවුන් සන්තකයේ තිබී කුෂ්, හෙරෝයින්, අයිස්, මත්පෙති සහ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි සොයා ගැනීමට හැකි වූ බවයි වර්ථාඅ වන්නේ.

නුවරඑලිළියට පිවිසෙන මාර්ග සියල්ලක්ම ආවරණව වන පරිදි නුවරඑළිය කොට්ඨාස පොලිස් සුනඛ අංශයේද සහයෝගය ලබා ගෙන පොලිස් මාර්ග බාධක යොදා සැකකරුවන් අත්අඩංගුවට ගත් බව නුවරඑළිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස්
පරික්ෂකවරයා වැඩි දුරටත් පවසා සිටියා.

සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48