පාරක් අයිනෙන් බෝම්බ පතොරම් 06ක් සොයා ගැනේ

හබරණ – පොලොන්නරුව මාර්ගයේ බෝක්කුවක් යට තිබී මිලි මීටර් 40 මල්ටි ග්‍රෙනේඩ් ලොන්චරයට භාවිතා කරන බෝම්බ පතොරම් 06ක් අඩංගු පාර්සලයක් සොයා ගැනීමට ඊයේ (25) හබරණ පොලිසිය සමත් වී තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ කම්කරුවන් පිරිසක් විසින් මාර්ගය සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතුවල නිරතව සිටියදී මෙම පාර්සලය දැක ඇති අතර පසුව හබරණ පොලිසිය දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එම බෝම්බ පතොරම් 06 නිෂ්ක්‍රීය කිරීමට අධිකරණය නියෝගයක් ලබා ගත් බව පොලිසිය පවසනවා.

ඒ අනුව අද (26) දින කුරුණෑගල පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරීන් විසින් එම පතුරම් නිශ්ක්‍රීය කිරිමට නියමිතයි.

බෝම්බ පතොරම් අඩංගු මෙම පාර්සලය එම ස්ථානයට කවුරුන් විසින් රැගෙනවිත් දමා ඇතිදැයි යන්න හා එම සැකකරුවන් අනාවරණය කර ගැනීම සඳහා හබරණ පොලිසිය විසින් විමර්ශන කටයුතු සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41