පාපැදියේ ගමන්ගත් දෙදරු පියා බස් රථයට බිලි වෙයි

පා පැදියෙන් රැකියාවට යමින් සිටි දෙදරු පියෙක් පානදුර කුරුස හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටී මියගොස් තිබෙනවා.

අද පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ අලුබෝමුල්ල කුඩා අරුග්ගොඩ පදිංචිව සිටි පානදුර යුද හමුදා කඳවුරේ සිවිල් සේවකයෙකු ලෙස කටයුතු කරන 40 හැවිරිදි දෙදරු පියෙක්.

ඔහු සිය පාපැදියෙන් නිවසේ සිට කුරුස හංදිය දෙසට පැමිණෙමින් සිටියදී රුක්ගහ තොටුපොල සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබූ මාර්ග අංක 452 පෞද්ගලික බස් රථයේ බඳෙහි පාපැදියේ හැඬලය ගැටීමත් සමඟ පාපැදිය පෙරළීමෙන් අනතුරුව බසයේ පිටුපස රෝදයට හිස යටවී අනතුර සිදු වී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

බස්රථ රියදුරා ගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව හෙළිවී තිබෙනවා.

බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අලුබෝමුල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

1 10
2 11


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14