පාප් වහන්සේ රෝහලින් පිටව යයි

දින තුනක නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

රෝහලෙන් පිටව යන අවස්ථාවේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ “තවමත් ජීවතුන් අතර” යනුවෙන් එහි සිටි පිරිසට විහිළුවක් ද කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උන්වහන්සේ ශ්වසන අපහසුතා හේතුවෙන් පසුගියදා රෝහලට ඇතුළත් කරන ලද අතර පසුව බ්රොන්කයිටිස් (bronchitis) රෝග තත්වයෙන් පෙළෙන බවට විනිශ්චය කර තිබුණා.

වතිකානය පවසා තිබුණේ පාප් වහන්සේ ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිචාර දක්වන බවත් පරීක්ෂණ ප්‍රතිඵල මත සෙනසුරාදා දිනයේ රෝහලින් නිදහස් කරන බවයි.

“මම බය වුණේ නැහැ, මම තවමත් ජීවතුන් අතර,” 86 හැවිරිදි පාප් වහන්සේ රෝහලෙන් පිටව යාමට පෙර පුවත්පත් වාර්තාකරුවන්ට සහ කඳුළු සලමින් සිටි අනුගාමිකයන්ට ප්‍රකාශ කළා.

රෝහලින් පිටත් වූ පාප් වහන්සේ සිනා සෙමින් මෝටර් රථයේ සිට ජනතාවට ආචාර කරමින් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා.

පාප් වහන්සේ රෝහල් ගත කිරීම සිදු වූයේ පාස්කු උත්සවය සැමරීම සඳහා කාර්යබහුලම සතියකට සූදානම් වෙමින් සිටියදී යි.

වතිකානු ප්‍රකාශක Matteo Bruni පැවසුවේ මෙම සති අන්තයේ පාම් ඉරිදා දේව මෙහෙයට සහභාගී වීමට පාප් වහන්සේ සුදානම් බවයි.

කතෝලික පල්ලියේ ප්‍රධානියා ලෙස වසර 10 ක් සපිරු ආර්ජන්ටිනාවේ පාප් වහන්සේට වයස අවුරුදු 21 දී පෙනහළු වලින් කොටසක් ඉවත් කිරීම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දී සිටිනවා.

උන්වහන්සේගේ දණහිස ආශ්‍රිත ගැටලු හේතුවෙන් පසුගිය මාස කිහිපය තුළ රෝද පුටුවක් ද භාවිත කර තිබුණා.

නමුත් පාප් වහන්සේ පසුගිය පෙබරවාරි මාසයේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සහ දකුණු සුඩානයේ සංචාරය කරමින් ක්‍රියාකාරීව සිටි අතර ඊට පෙර සිය පූර්වගාමියා වූ XVI වන බෙනඩික්ට් පාප්තුමාගේ අවමංගල්‍යයට නායකත්වය ල;ලබා දුන්නා.

Pope’s schedule over Easter
2 April, Palm Sunday: 09:30 (07:30 GMT) Papal Mass, 12:00 Sunday Blessing

5 April: 09:00 Papal General Audience

6 April, Holy Thursday: 09:30 Chrism Mass in St Peter’s Basilica

7 April, Good Friday: 17:00 Passion of the Lord, 21:15 Stations of the Cross at the Colosseum

8 April, Holy Saturday: 20:30 Easter Vigil in St Peter’s Basilica

9 April, Easter Sunday: 10:00 Easter Sunday Mass, 12:00 Urbi et Orbi in St Peter’s Square

10 April, Easter Monday: 12:00, Pasquetta in St Peter’s Square



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01