spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාප් වහන්සේගේ සියලුම විදෙස් සංචාරයන් වහාම අවලංගු කෙරේ

ජූලි මාසයට අදාළ සියලු විදෙස් සංචාරයන් වහාම අවලංගු කිරීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාප් වහන්සේගේ දණ හිසේ හටගෙන ඇති ආබාධ තත්ත්වයක් හේතුවෙන් වෛද්‍යවරු පවසා ඇත්තේ උන්වහන්සේට දීර්ඝ ගමන් බිමන් වලින් වැළකී සිටින ලෙසයි.

ඒ අනුව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් එළඹෙන ජූලි මස 2 වනදා ආරම්භවීමට නියමිත තිබූ අප්‍රිකානු සංචාරයන් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇති බවයි වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් අප්‍රිකානු ජනතාවගෙන් තමන් සමාව ඇයැද සිටින බව ද ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නිවේදනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?