පාපන්දු පිටියේ පුරාවෘත්තයක් වන මෙසීගෙන් දිනක් තුළ ගිනස් ලෝක වාර්තා හතරක්

පාපන්දු ලෝකයේ ජීවමාන පුරාවෘත්තයක් බඳු වූ ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී, FIFA ලෝක කුසලානයේ එක් දිනක් තුළ ගිනස් ලෝක වාර්තා හතරක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ඒ, වැඩිම ලෝක කුසලාන ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා, වැඩිම ලෝක කුසලාන තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා, වැඩිම ලෝක කුසලාන තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ ක්‍රීඩකයා සහ පාපන්දු ලෝක කුසලාන පිටියේ වැඩිම මිනිත්තු සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා බවට පත් වෙමින්.

මේ වනවිට 39 හැවිරිදි වියේ පසුවන මෙම ආර්ජන්ටිනානු සුපිරි පාපන්දු තරුව, ලෝක කුසලාන පිටියේ ගෝල 18ක් වාර්තා කර වැඩිම ගෝල ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටිනවා.

එමෙන්ම මෙසී මේ වනවිට ලෝක කුසලාන තරග 28ක් ආර්ජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර, ඉන් තරග 18ක් ජයග්‍රහණය තිබෙනවා.

ඊට අමතරව ඔහු මේ වනවිට මිනිත්තු 2,489ක් පාපන්දු ලෝක කුසලාන පිටියේ ක්‍රීඩා කරමින්, වැඩිම මිනිත්තු සංඛ්‍යාවක් පාපන්දු ලෝක කුසලාන පිටියේ ක්‍රීඩා කළ ක්‍රීඩකයාගේ ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියනවා.

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
48
+1
2
+1
12
+1
3
+1
1
+1
1
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51