පානීය ජල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරියේ දී පානීය ජල මිල ගණන් අඩුවෙයි – ඇමති සුසිල් රණසිංහ

ජාතික පානීය ජල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් ඉදිරියේ දී පානීය ජල මිල ගණන් අඩුවනු ඇති බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යය සුසිල් රණසිංහ පවසනවා.

එප්පාවල අද (13) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“ජල සම්පාදන මණ්ඩලයේ ජල බිල හදන්න විතරයි, ෆෝමියුලා එකක්, සූත්‍රයක් තියෙන්නේ, ඒක අනුමත අවුරුද්දකට දෙවරක් ජල බිල සම්බන්ධයෙන් සමාලෝචනය කරලා, ඒක විද්‍යාත්මක විදිහට තමයි හදන්⁣නේ. නමුත් ඊට පිටින් තියෙන ප්‍රාදේශිය සභා ජල සැපයුම් තියෙනවා, වෙනත් ග්‍රාමීය ජල සැපයුම් තියෙනවා දෙපාර්තමේන්තු වෙන්න පුලුවන් ආයතන වෙන්න පුලුවන් , රාජ්‍යය නොවන සංවිධාන ක්‍රියාත්මක කරනවා වෙන්න පුලුවන්, ඒ වගේම ජලය විකුණන ආයතන තියෙනවා, මේවාවල නියාමනයක් නෑ, ඒ නිසා අපි අවිවාදයෙන් පිළිගන්න ඕන ජාතික වශයෙන් මේ පානීය ජලය මොන මිල ගණන් යටතේ ද විකුණන්න ඕන කියලා සැලැස්මක් අපිට ඕන.ඒ නිසා තමයි අපි ජාතික පානීය ජල මිල ගණන් පාලනය කිරීම සඳහා ප්‍රථිපත්තිය අපි අනුමත කලේ, අපි බලා⁣පොරොත්තු වෙනවා ඒ අනුව ඉදිරියේ දී සාධාරණ මිල ගණන් හා ක්‍රමවේදයන් සකස් කරලා ඒ ආයතනවලට ලබාදෙන්න ඒ නිසා අපි බලාපො⁣රොත්තු වෙනවා බොහෝ තැන් වල මිල ගණන් අඩු වෙයි කියලා, ජනතාවට අසාධාරණ විදිහට හෝ නොගැලපෙන මට්ටමින් තියෙන මිල ගණන් විදිමත් භාවයකට එයි කියලා අපි හිතනවා.”

.ජාතික ජල ගාස්තු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව මෙම සතියේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40