පාන් මිලත් ඉහළට – ඉහළ දමන ප්‍රමාණය අද පස්වරුවේ ප්‍රකාශයට

තිරිඟු පිටි මිල ඉහළ දැමීමට සමාගම් තීරණය කිරීමත් සමඟ පාන් ගෙඩියක මිල ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පවසනවා.

දසත නිවුස් සිදුකළ විමසීමේ දී සභාපතිවරයා සඳහන් කළේ, ඉහළ යන මිල ප්‍රමාණය අද (31) පස්වරුවේ දැනුම්දීමට කටයුතු කරන බවයි.

පසුගිය 29 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල රුපියල් 17කින් ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පියවර ගත්තා.