පාන් පිටි මිල නැවතත් ඉහළට

ප්‍රීමා සමාගම පැවසුවේ ඒ අනුව පාන් පිටි කිලෝ 1ක මිල රුපියල් 17.50කින් ඉහළ දැමූ බවය.

මේ අතර තිරිඟු පිටි ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ යෑම හමුවේ බේකරි පවත්වාගෙන යෑමට නොහැකි වීම නිසා කුඩා පරිමාණයේ බේකරි 700 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අනාවරණය කරයි.

ලංකාව තුළ බේකරි 7000 ක් පමණ තිබෙන බවත්, ඉන් බේකරි සියයට පහත් දහයත් අතර ප්‍රමාණයක් වසා දමා ඇතැයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.

සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් කොළඹදී ඊයේ (28 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව කීවේය බේකරි කර්මාන්තය නිසා ලක්ෂ හයක් පමණ රැකෙන බවද සභාපතිවරයා කියයි.

මේ අතර තිරිඟු පිටි බෙදාහරින සමාගම් විසින් වතුකරයට බෙදන තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 50 කින් ඉහළ දමා ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

රොටී සෑදීමට ගන්නා තිරිඟු පිටි කිලෝවක් වතුකරයේ රුපියල් 80 කට අලෙවි කෙරුණු අතර, මේ වෙද්දී එම තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 130 ත් 135 ත් අතර මිලකින් වැඩිවී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වගා කිරීමට ඉඩ නොඳීම නිසා දිවුලපතාන ගම්වාසීන් දැඩි අසරණ වෙයි - බය කරලා එලවන්න මීහ#ක් නෙවෙයි ඉන්නේ
14:01
Video thumbnail
පුංචි මදුරුවෙක්ට ආණ්ඩුව බයයි නම් බලය දීලා යන්න
02:25
Video thumbnail
මමත් හරිනි, අගමැතිතුමියත් හරිනි - අපේ නමේ ගෞරවය රකින්න
01:21
Video thumbnail
පොහොට්ටුවේ කාන්තාවෝ පාර්ලිමේන්තුව වටලයි - උණුසුම් තත්ත්වයක්
05:43
Video thumbnail
ඩෙංගු බලන්න ගිහින් නිලධාරින්ට යකා නගියි"ඔයාගේ කුණු මෙතන දාලනේ තියෙන්නේ පච කියන්න එපා රට වටේම"
03:16
Video thumbnail
සුජීව නැගිටිලා ආණ්ඩුවට දුම් විසිවෙන්නම දෙයි - ජනතාව පොල්ල අතට ගන්නවා
07:21
Video thumbnail
කළුතර නගරයේ හා අවට ආරක්ෂාව තර කරයි - ආරක්ෂාවට පොලිස් නිලධාරින් 650ක් දායි
01:20
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් දැන් අතුරුදන් වෙලා - හොයාගන්නවත් නෑ
07:48
Video thumbnail
බන්ධනාගාරයේ මි#ගිය අය වෙනුවෙන් සජබ කාවින්ද පැන් වඩයි - අපිට දාරාගන්න බැරි කම්පනයක්
06:00
Video thumbnail
චරිත් සල්ලි ගත්තේ ඩොලර්වලින් ද, ඩිර්හම්වලින් ද - සජිත්ට දාපු කින්ඩිය
12:42