පාන් කනව වෙනුවට මඤ්ඤොක්කා, මුං කැවොත් නරකක් වෙන්නේ නෑ – ඇමති චමල් කියයි

“මේ රටේ හාල් හිඟ වුවත් අතිතයේ ගම් වල මඤ්ඤොක්කා, මුං ඇට, බතල කෑවා. පාන් කනව වෙනුවට මඤ්ඤොක්කා, මුං කැවොත් නරකක් වෙන්නේ නෑ. මඤ්ඤොක්කා පිළිකාවටත් හොඳයි”යැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ පවසනවා.

ශ්‍රී දළදා යල් අස්වනු පූජාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා (01) මේ බව ප්‍රකාශ කර සිටියා.

“ලංකාව පුරා ගොවි සංවිධාන පසුගිය කන්නයේ නෙළා ගත් අස්වැන්නේ අග්‍ර කොටස දළදා වහන්සේට පූජා කිරීම වාර්ෂිකව සිදු කරනවා. මහ කන්නයේදී සාර්ථක අස්වැන්නක් අපේක්ෂාවෙන් ගොවීන් දළදා වහන්සේ උදෙසා මෙම පූජාව සිදු කරන්නේ ඉතාම ගෞරවය පෙරදැරිවයි.

මමත් ගොවියෙක් මම කාබනික පොහොර යොදල වගා කලා අලුත් අයට අලුත් අත් දැකීමක් මෙය දිගින් දිගටම කරගෙන යද්දි සාර්ථකව කරගත හැකි වෙයි. පළමුවන කන්නය අත්දැකිමක්. අස්වැන්න අඩු වුණොත් සහතිකයක් දීල තියෙනව අලභය ගෙවනව කියල. ඒකට බයවෙන්න දෙයක් නෑ. උද්ඝෝෂණ කරන අයගේ හඬට කන් දුන්නොත් ඔවුන් කියන්නේ කාබනික වගාව හොඳයි නමුත් එක පාරට කරපු එකයි වරද කියලා.

කවුරුවත් කාබනික වගාවට අකමැති නැහැ කියන එක මෙතනින් පැහැදිලියි. අප බලන්න ඕන ජනතාවට ගුණාත්මක වස විසෙන් තොර ආහාර ලබා දෙන්න. ඉස්සර කෑ ගැහුවෙ බහු ජාතික සමාගම් එපා කියල.

දැන් කියන්නේ රසායනික පොහොර ගන්න එයාලව තියාගන්න කියලා.මේවා අපි කල්පනා කර බලන්න ඕන. අපේ බිමේ මඤ්ඤොක්කා හොඳට වැවෙනවා.දේශීය අල වර්ග 60 කට වඩා තිබෙනවා.මුං ඇට කව්පි වගේ බෝග තිබෙනවා.මේවා ආහාරයට ගැනීමට අපි පුරුදු වෙන්න ඕන. රසායනික පොහොර වලට අපේ සල්ලි යනව දෙගොල්ලනම මේ සදහා කැපවිමක් කරන්න අවශ්‍යයි.

හාල් හිගයක් දැනුත් තියෙනව. අඩු ආදායම්ලාභින්ට දැනුත් හාල් කොච්චර තිබුනත් රටින් ගෙන්වන්න හදනව. අඩු ආදායම් ලාභින් පිලිබදව කල්පනා කරනව ඒ අයට අඩුව හාල් දෙන්නෙ කොහොමද කියල කල්පනා කරනවා”ඇමතිවරයා ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28