පාන් ඇතුලු බේකරි නිෂ්පාදන මිල යළි වැඩිවෙයි ද ?

විදුලි බිල යළිත් ඉහළ නංවන්නේ නම් පාන් ඇතුලු සියලුම බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්. කේ. ජයවර්ධන අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ බිත්තර මිල, බදු බර මෙන්ම බේකරි කෑම නිෂ්පාදනයට අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍ය මිල ද ඉහළ යාම හමුවේ මෙම තීරණය ගැනීමට සිදුවන බවයි.

පවතින තත්ත්වය මත බේකරි කර්මාන්තය කරගෙන යනවාට වඩා වසා දැමීම පහසු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පාන් ගෙඩියක් නිෂ්පාදනයේදී සියයට 5කට ආසන්න මුදලකින් බදු ගෙවීමට සිදුව ඇතැයි ද එන්. කේ. ජයවර්ධන ප්‍රකාශ කළා.

මෙවැනි තත්ත්වයක් මත 2023 ආරම්භය වන විට සම්පූර්ණයෙන්ම බේකරි කර්මාන්තයෙන් ඈත් වීමට සිදුවනු ඇති බවටයි ඔහු අනතුරු අගවන්නේ.

එබැවින් රජය මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගත යුතු බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර බිත්තරයක් රුපියල් 55කට අලෙවි කරන බව පැවසුව ද බේකරි සඳහා රුපියල් 70ක මිලකට හෝ බිත්තර සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බව ඔහු සඳහන් කළා.

අවශ්‍යතාවට සරිලන බිත්තර මෙරට නිෂ්පාදනය නොවීම හේතුවෙන් ඇතැම් පුද්ගලයන් ඉන් අයුතු ප්‍රයෝජන ලබා ගනිමින් සිටින බව ද ඔහු පෙන්වා දෙනවා.

රුපියල් 55ක මිලකට බිත්තර ලබාදෙන්නේ නම් බිත්තර පෙට්ටි දස දහසක් හෝ අත්පිට මුදලට මිලදී ගැනීමට සූදානම් බවයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කියාසිටියේ.

බිත්තර මිල හේතුවෙන් කුඩා පරිමාණයේ බේකරි හිමියන් දැඩි අසීරුතාවකට පත්ව ඇති අතර මහා පරිමාණ බිත්තර හිමියන් විශාල පරිමාණයේ බේකරි හිමියන්ට පමණක් වැඩි මිලට බිත්තර අලෙවි කරන බව එන්. කේ. ජයවර්ධන මහතා පෙන්වා දෙනවා.

බේකරි කර්මාන්තයේ ප්‍රධාතම අවශ්‍යතාවක් වන බිත්තර අලෙවියට දැන්ම වැඩපිළිවෙලක් සකස් නොකරන්නේ නම් සිංහල අලුත් අවුරුදු සමයට ද බිත්තර හිඟවනු ඇති බවටයි ඔහු අනතුරු අගවන්නේ.

විදුලි බිල මෙන්ම බේකරි කර්මාන්තයට අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍ය මිල ද ඉහළගොස් ඇති අවස්ථාවක බිත්තර මිල ද වැඩිවීම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින බව බේකරි හිමියන් සඳහන් කරනවා.

රටේ අවශ්‍යතාවට සරිලන බිත්තර ලබාදීමට කඩිනම් විසඳුමක් ලබාදිය යුතු අතර පාකිස්ථානයෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර රජයට ලාබයක් ද තබාගෙන රුපියල් 30ක් 35ක් වැනි මුදලකට ලබාදිය හැකි බවයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30