පානදුර වෙඩිතැබීමේ මොළකරු ගැන හෙළිදරව්වක්

පානදුර කේතුමතී මූලික රෝහල ඉදිරිපිටදී ගිලන් රථ රියදුරෙක්ට වෙඩිතැබීමේ සිද්ධිය කුඩු සළිඳු නමැත්තා මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පළකරයි.

පොලීසිය පැවසුවේ, මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ පොලීසියට ඔත්තුවක් ලබාදුන්නේ යැයි සැකපිට මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි සැකයක් පවතින බවය.

පානදුර කේතුමති මූලික රෝහල ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුවූයේ ඊයේ (27) පෙරවරු 11.45ට පමණය.

රෝහලට රෝගීයෙකු රැගෙන එමින් සිටි ගිලන් රථයක රියදුරා වෙඩික්කරුවන්ගේ ඉල්ලක්කය වී තිබුණි.

වෙඩිතැබීම අතරතුර ගිනිඅවිය අක්‍රීයවීම හේතුවෙන් උණ්ඩ නිකුත් වුවද රියදුරාට කිසිඳු හානියක් සිදුනොවීය.

වෙඩි ප්‍රහාර දෙකක් එල්ලවී ඇති අතර ගිනි අවියේ තිබූ ජීව උණ්ඩයක් ගිලන් රථයේ රියදුරු දොර අසල තිබී පොලීසිය සොයාගෙන තිබුණි.

යතුරුපැදිවලින් ප්‍රහාරයට සිව්දෙනෙකු පැමිණ තිබූ අතර ඉන් එක් වෙඩික්කරුවෙක් ගිලන් රථය අසලත් තවත් අයෙක් රෝහලේ ප්‍රධාන ගේට්ටුව අසලත් ගිනිඅවි අතදරා සිටිමින් මෙම ඝාතනයට උත්සාහ දරා තිබුණි.

පානදුර දකුණ පොලීසියට නුදුරින් වූ ස්ථානයකදී මෙම වෙඩිතැබීම සිදුවීම ද විශේෂත්වයකි.

පොලීසිය පැවසුවේ, මෙම රියදුරු කළුතර උතුර තොටුපොළ පාරේ පදිංචිකරුවෙකු වන අතර වෙඩි තැබීමට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඔත්තුවක් ලබාදීමේ සිද්ධියක් යැයි සැකයක් පවතින බවය.

යුද හමුදා වෑන් රථයකින් යුද හමුදා සෙබලෙකු සහ යුද හමුදාව හැරගිය පුද්ගලයෙකු පළායන අතරතුර හොරණ දික්හේනගමදී පසුගිය පෙබරවාරි 24 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ හෙරොයින් කිලෝග්‍රෑම් 44ක් ද සමගිනි.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් මෙම වැටලීම සිදුකර තිබුණි.

මෙම ගිලන් රථ රියදුරා ලබාදුන් ඔත්තුවක් මත අදාළ වැටලීම සිදුකර ඇති බවට පැවති සැකයක් හේතුවෙන් ඔහුට මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලීසිය සැකකරයි.

ප්‍රහාරකයින්ගේ ඉලක්කය වූ රියදුරා කළක් කුඩු සළිඳු සමග සමීප සබඳතා පවත්වා ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව රියදුරාගේ සබඳතා පිළිබඳ විමර්ශනවලදී වැඩි අවධානයක් යොමුකර ඇති බවද වාර්තා වෙයි.

නමුත් වෙඩි තැබූ පිරිස පිළිබඳ විමර්ශන මන්දගාමීව සිදුවන බවට චෝදනා එල්ලවී තිබේ.

මෙම වෙඩිතැබීමට උපදෙස් දුන් බවට සැක කෙරෙන කුඩු සලිඳු නැමැත්තා ප්‍රබල දේශපාලනඥයෙකු හා උසස් පොලිස් නිලධාරියෙකු සමග සමීප සබඳතා පැවැත්වීම නිසා ඔහු පිළිබඳ විමර්ශන එලෙස මන්දගාමීව සිදුකෙරෙන බවද පොලිස් ආරංචි මාර්ග ඔස්සේ අද දෙරණ ට වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40