පානදුර නිලංගගේ ගෝලයා අමිත් කුමාරව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික පානදුර නිලංගගේ ගෝලයෙක් වන අමිත් කුමාර නොහොත් ඇඹිලිපිටියේ සුරංග නැමැත්තා දින 07ක් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා අද (08) අවසර ලබා දුන්නා.

ඒ, කළුතර අපරාධ කොට්ටාශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (08) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු පානදුර නිලංග සමඟ සම්බන්ධ වී මත්කුඩු ජාවාරම් කරගෙන ගොස් ඇති බවටත්, ඔහුගේ දුරකථන වාර්තා සහ බැංකු ගිණුම් පරීක්ෂාකර ඒ පිළිබඳ ගරු අධිකරණයට වාර්තා කරන බවත් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියා.

සැකකරු ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වී ව්‍යාපාරයක් ලෙසින් මත්කුඩු ජාවාරම කරගෙන ගොස් ඇති බැවින් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී තවත් එවැනි මධ්‍යස්ථානයක් පිළිබඳ වාර්තා වූ බවත්, ඒ සම්බන්ධයෙන්ද විමර්ශන කර අධිකරණයට වාර්තා කරන බවද පොලිසිය වැඩිදුරටත් දැනුම් දුන්නා.

සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනිමෙන් අනතුරුව දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදුන් අතර, සැප්තැම්බර් 14 දින නඩුව යළි කැඳවීමට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43