පානදුර ඝාතනයට අදාළව පාසල් සිසුවෙක් අත්අඩංගුවට

පසුගියදා පානදුර ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් ඉදිරිපිටදී 23 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රහාරය එල්ල කිරීම සඳහා සහය ලබාදීම සඳහා පාසල් සිසුවා ප්‍රධාන සැකකරු සමඟ ත්‍රිරෝද රථයකින් ගමන් කර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මැයි 31 වැනි දින රාත්‍රි ඇඟලුම් කම්හල ඉදිරිපිටදී කඩුවකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබුණා.

පහරකෑමට ලක්වූ පුද්ගලයා කර්මාන්තශාලා පරිශ්‍රයට දිව ගොස් ඇති අතර, පසුව සැකකරු පිටුපසින් ගොස් ඔහුට දිගින් දිගටම පහරදීම හේතුවෙනුයි මිය ගොස් ඇත්තේ.

මෙම සිද්ධිය කර්මාන්තශාලා පරිශ්‍රයේ සවිකර තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබුණා. හිසට එල්ලවූ බරපතළ ප්‍රහාර හේතුවෙන් තුවාලකරු එම ස්ථානයේදීම මියගොස් තිබුණා.

මියගොස් ඇත්තේ මෝදරවිල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙක්.

දෙපාර්ශවයක් අතර කලක සිට පැවති ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

ප්‍රධාන සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42