spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පානදුර ඝාතනයට අදාළව පාසල් සිසුවෙක් අත්අඩංගුවට

පසුගියදා පානදුර ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් ඉදිරිපිටදී 23 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රහාරය එල්ල කිරීම සඳහා සහය ලබාදීම සඳහා පාසල් සිසුවා ප්‍රධාන සැකකරු සමඟ ත්‍රිරෝද රථයකින් ගමන් කර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මැයි 31 වැනි දින රාත්‍රි ඇඟලුම් කම්හල ඉදිරිපිටදී කඩුවකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබුණා.

පහරකෑමට ලක්වූ පුද්ගලයා කර්මාන්තශාලා පරිශ්‍රයට දිව ගොස් ඇති අතර, පසුව සැකකරු පිටුපසින් ගොස් ඔහුට දිගින් දිගටම පහරදීම හේතුවෙනුයි මිය ගොස් ඇත්තේ.

මෙම සිද්ධිය කර්මාන්තශාලා පරිශ්‍රයේ සවිකර තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබුණා. හිසට එල්ලවූ බරපතළ ප්‍රහාර හේතුවෙන් තුවාලකරු එම ස්ථානයේදීම මියගොස් තිබුණා.

මියගොස් ඇත්තේ මෝදරවිල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙක්.

දෙපාර්ශවයක් අතර කලක සිට පැවති ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

ප්‍රධාන සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
5
+1
6
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?