පානදුර, ගෝනදූව සහ බණ්ඩාරගම නගර පැයක් තුළ හෙල්ලූ ‘පූස් කොටා’ ගෝලයා සමඟ අල්ලයි

පානදුර නගරයේ සිම්පත් අලෙවි නියෝජිතයෙකුගේ පාදයකට මන්නයකින් පහර දී ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ එකහමාරකට අධික වටිනාකමකින් යුත් සිම්පත්, මුදල් සහ ජංගම දුරකථනය කොල්ලකෑම, බණ්ඩාරගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ATM කුටිය අසලට කඩා වැදී පුද්ගලයකුට මන්නයකින් පහර දී රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් කොල්ලකෑම සහ ගෝනදූව ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවෙකු බියවැද්දීම සිදුකර පලාගොස් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර දකුණ පොලිසිය පැවසුවේ සැකකරුවන් දෙදෙනා පැයක පමණ කාලයක් තුළ මෙම අපරාධයන් සිදුකර ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන දොඩංගොඩ ‘පූස් කොටා’ නැමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලක් සහ ඔහුගේ 18 හැවිරිදි ගෝලයා බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු ප්‍රධානා සැකකරු හිටපු යුධහමුදා සෙබළෙක් වන අතර, මොවුන් සන්තකයේ තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී අපරාධයන් සිදුකිරීමට යොදාගත් මන්නා පිහි දෙකක්, කොල්ලකන ලද මුදල්, යතුරුපැදියක් සහ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30