පානදුරේ ඝාතනය පිළිබඳ තොරතුරු රැසක් හෙළිවේ

පානදුර, පල්ලෙමුල්ල ප්‍රදේයේ දී ත්‍රීරෝද රථ රියදුරෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් එම ඝාතනය සැලසුම් කිරීම සඳහා දින 7ක කාලයක් කුලී නිවසක නවාතැන් ගෙන සිට ඇතැයි පොලීසිය පවසයි.

ඝාතකයින්ට එම නවාතැන්පොළ ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පසුගිය ජනවාරි මස 25 වන දින පෙරවරු 9.15ට පමණ මොරටුව සිට පානදුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් තිබුණි.

එහිදී ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්විය.

මේ අතර එම ඝාතනය සඳහා යොදාගත්තේ යැයි සැකකෙරෙන ගිනි අවියක්, ජීව උණ්ඩ 16ක් සහ මැගසිනයක් පානදුර වඳුරාම්මුල්ල ප්‍රදේශයේ තිබියදී හමුව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, අදාළ ඝාතනය සම්බන්ධයෙන් එම ගිනි අවිය උපයෝගි කර ගත්තේ ද යන්න පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

එම ඝාතනය සිදුකළ පුද්ගලයින් පිළිබඳව සහ ඔවුන් ගමන්කළ ප්‍රදේශ පිළිබඳ තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදුකරනු ලබන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25