spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාදුක්කේ වෙඩි තැබීමක් (ඡායාරූප)

පාදුක්ක, වල්පිට, තිසර උයන ප්‍රදේශයේ දී අද (05) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ශ්‍රී ලංකා සමූපකාර රක්ෂණ සමාගමේ සභාපති තනතුරේ වැඩ භාරගැනීමට යමින් සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා 62 හැවිරිදි වියේ පසුවන තිසර උයන, බටගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය විමර්ශන ආරම්භකර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
2
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?