පාතාලය යළි රට තුළ බිහිවීමට ගර්භාෂයක් නැහැ – ඇමති සමන්ත

පාතාලය යළි රට තුළ බිහිවීමට ගර්භාෂයක් නොමැති බව වැවිලි සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.
හැටන් නගරයේ අද (07) පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ පාතාලය දේශපාලනයත් සමඟ පෝෂණය වූ බවත්, මේ වනවිට එකිනෙනා ඇනකොටා ගන්නා තත්ත්වයකට පත්ව ඇති බවයි.

පාතාලය ඉවර කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා එතරම් කාලයක් නියන බවත් එම කාලය නිශ්චිතව පැවසිය නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

“පහනක් වුනත් නිවෙන කොට අවසානේ ගැස්සි ගැස්සි යනවා කියනවා නේ. පාතාලයටත් දූෂිත දේශපාලනයටත් ඒකවෙලා තියෙන්නේ. පහුගිය කාලේ පාතාලේ වෙනම තිබුණා නෙවෙයි. පාතාලය දේශපාලනයත් එක්ක පෝෂණය වුණා. එතකොට අර්බුදය එනකොට එකිනෙකා ඇනකොටා ගන්නා තත්වයට පත්වෙලා තියෙන්නේ. පාතාලය ලංකාව ඇතුළේ විතරක් නෙවෙයි ක්‍රියාත්මක වුණේ, ඒක එළියටත් තිබුණා. දැන් අස්මුල් නෑර හොයාගෙන ඉවරයි. දැනි තියෙන්නේ එකින් එක සුද්ද කරන්න. මං හිතන්නේ රටේ ජනතාවට මේක පැහැදිලිව පේනවා පාතාලෙට දැන් සමාවක් නෑ කියලා. ඒ හින්දා අනිවාරෙන් පාතාලෙ සුද්ද කරන එක සුද්ධ කරනවා. පාතාලය මඩින්න එච්චර කාලයක් යන්නේ නෑ. නමුත් කාලය කියන්න බෑ. දැන් කාට වුනත් තේරෙනවා පාතලය ලංකාව ඇතුළේ විතරක් ක්‍රියාත්මක වුණ දෙයක් නෙවෙයි. පාතාලය ජාත්‍යන්තර මට්ටමට ලංකාවේ අරන් ගියා. එතකොට ඒ තරමට පාතාලය පෝෂණය කළේ කවුද? ඒක මර්ධනය කරගන්න බැරි වුණේ කාටද? එහෙනම් ඒකට දේශපාලනය වග කියන්න ඕන නැද්ද? මේ පාලනය බිහි වුනේ නැත්තන් පාතාලයට මොකද වෙන්නේ? ඉතින් රටක්ම විනාශ වෙනවා නේ. ඒ තරමට ගෙනිහිල්ලා තිබුණේ. දැන් පාතාලය සුද්ද වෙන්න හදනකොට තමයි ඔය ප්‍රශ්න ඇවිත් තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් අපිට පැහැදිලියි පාතාලයක් ආය බිහි වෙන්න ගර්භාෂයක් නෑ. මොකද දැන් ඒ දූෂිත දේශපාලය ඉවරයි. තිබුණු ආණ්ඩු කාලයේ එළියට ගිය අවි ආයුධ, විවිධ දේවල් තාම කොතන තියනවාද කියලා හොයන්න බෑ. නමුත් ඒවා එකින් එක හොයා ගන්නවා. දැන් කොනක ඉදන් පැහැදිලා ඉවරයි. රටේ බුද්ධි අංශ දැන් ඒවා තියන තැන් හදුනාගෙන තියනවා. දැන් එවා එකතු කරලා ගන්න එක තමයි තියෙන්නේ. ඒවා ක්‍රමානුකූලව ඉස්සරහට සිද්ධ වෙයි. දැන් පාතාලයේ අහුමුලු හොයාගෙන යනකොට සමහර ඒවා හිටපු ජනාධිපතාවරුන්ගේ ගෙවල්වලට යනවා, ඇමතිවරුන්ගේ ගෙවල්වලට යනවා, මන්ත්‍රිවරුගේ ගෙවල්වලට යනවා. පාතාලයේ ගර්භාෂ තිබිලා තියෙන්නේ එහේ. ඒනිසා ඒක පැහැදිලියි. සමහර දේශපාලඥයෝ කෑගහන්නේ, හොයාගෙන හොයාගෙන යනකොට එයාලගේ ගෙදරටත් එන්න පුලුවන් කියලා දැනිලා.ඒකනේ ප්‍රශ්නෙ තියෙන්නේ. ඒක ඉතින් කරන්න දෙයක් නැ. අනිවාරෙන් තරා තිරම බලන්නේ නෑ. හිටපු ජනාධිපති වෙන්න පුලුවන් ඇමති කෙනෙක් වෙන්න පුලුවන් නීතිය කාටත් සමානයි. නීතියට උඩින් කවුරුත් නෑ. නීතිය ක්‍රියාත්මක වෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25