spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාතාලයන්ට රට යන්න ගමන් බලපත්‍ර හැදූ දෙදෙනක් අත්අඩංගුවට

පාතාල සාමාජිකයන් සහ විවිධ අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් විදේශගත කිරීම සඳහා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සැකසීමේ ජාවාරමක නිරත වූ දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක කළමනාකාර සහායකයෙකු සහ ප්‍රධාන ලිපිකාරිනියක් වන බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු සහ සැකකාරිය සතුව තිබූ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර නවයක් සහ හැඳුනුම්පත් තුනක් සොයා ගැනීමට ද පොලිසිය සමත් වී තිබෙනවා.

පසුගිය 20 වනදා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සැකපිට අත්අඩංගුවට ගත් 3 දෙනෙකුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කළ ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරු මත මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

සැකකරු සහ සැකකාරිය අනුරාධපුරයේ පදිංචිකරුවන් වන අතර ඔවුන්ගෙන් පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් පවතිනවා.

පසුගිය දිනවල සිදුවූ විවිධ ඝාතනවලට සම්බන්ධ බව කියන වෙඩික්කරුවන් රහසිගතව විදේශ ගත කිරීම් සඳහා මෙම ගමන් බලපත්‍ර සකස් කළ බව අනාවරණය වී ඇති අතර මේ පසුපස දැනට විදේශගත වී සිටින ගනේමුල්ලේ සංජීව නමැති අපරාධකරු සම්බන්ධව සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඔහු මේ සඳහා මුදල් වියදම් කරන බවටයි හෙළිවී ඇත්තේ.

වැඩිවන අපරාධ රැල්ල හමුවේ මේ වනවිට පාතාල මර්දනය සඳහා ගෙන ඇති පියවර හේතුවෙන් ආරක්ෂාව පතා ඔවුන් විදේශගත කරවීමේ ප්‍රයත්නයක් ඇති බව ද පොලිසිය සැක කරන අතර මේ පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?