පාතාලයන්ට රට යන්න ගමන් බලපත්‍ර හැදූ දෙදෙනක් අත්අඩංගුවට

පාතාල සාමාජිකයන් සහ විවිධ අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් විදේශගත කිරීම සඳහා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සැකසීමේ ජාවාරමක නිරත වූ දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක කළමනාකාර සහායකයෙකු සහ ප්‍රධාන ලිපිකාරිනියක් වන බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු සහ සැකකාරිය සතුව තිබූ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර නවයක් සහ හැඳුනුම්පත් තුනක් සොයා ගැනීමට ද පොලිසිය සමත් වී තිබෙනවා.

පසුගිය 20 වනදා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සැකපිට අත්අඩංගුවට ගත් 3 දෙනෙකුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කළ ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරු මත මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

සැකකරු සහ සැකකාරිය අනුරාධපුරයේ පදිංචිකරුවන් වන අතර ඔවුන්ගෙන් පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් පවතිනවා.

පසුගිය දිනවල සිදුවූ විවිධ ඝාතනවලට සම්බන්ධ බව කියන වෙඩික්කරුවන් රහසිගතව විදේශ ගත කිරීම් සඳහා මෙම ගමන් බලපත්‍ර සකස් කළ බව අනාවරණය වී ඇති අතර මේ පසුපස දැනට විදේශගත වී සිටින ගනේමුල්ලේ සංජීව නමැති අපරාධකරු සම්බන්ධව සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඔහු මේ සඳහා මුදල් වියදම් කරන බවටයි හෙළිවී ඇත්තේ.

වැඩිවන අපරාධ රැල්ල හමුවේ මේ වනවිට පාතාල මර්දනය සඳහා ගෙන ඇති පියවර හේතුවෙන් ආරක්ෂාව පතා ඔවුන් විදේශගත කරවීමේ ප්‍රයත්නයක් ඇති බව ද පොලිසිය සැක කරන අතර මේ පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32