පාතාලයට යතුරුපැදි සැපයූ ‘ගාල්ලේ ගඩ්ඩා’ අල්ලයි

දකුණේ ක්‍රියාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සඳහා විවිධ අපරාධ සිදුකිරීමට යතුරුපැදි සොරකම් කළ අයෙක්
අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘ගාල්ලේ ගඩ්ඩා’ යන අනවර්ථ නාමයෙන් හඳුන්වන අයෙක් වන අතර, එහිදී සොරකම් කළ යතුරුපැදි හතරක් ද සොයාගෙන තිබෙනවා.

යතුරුපැදි සොරාගන්නා අයෙක් කළුතර, පන්විලහේන වත්ත ප්‍රදේශයේ සැරිසරන බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනවල දී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

එහිදී සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී ගාල්ල, අහුංගල්ල සහ කළුතර ප්‍රාදේශවල සඟවා තිබූ යතුරුපැදි හතර සොයාගැනීමට හැකිව තිබෙනවා.

සැකකරු විසින් සොරකම් කරන ලද යතුරුපැදි මංකොල්ලකෑම්, පුද්ගල පහරදීම් සහ මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සඳහා දකුණේ ප්‍රධානතම අපරාධ කල්ලි සාමාජිකයන් වෙත ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුට එරෙහිව පුද්ගල පහරදීම් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සොරකම් සම්බන්ධයෙන් මීට පෙර දිවයිනේ විවිධ අධිකරණවල නඩු පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අද (12) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග
01:42
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49
Video thumbnail
සුද්දට අයිස් විකුණන්න ගිහින් ජාත්‍යන්තරය ට ගිය අන්කල් - මොනවා කියනවද තේරෙන්නේ නෑනේ බන්
02:55
Video thumbnail
රථ පෙරහැරකින් ගැම්මට හෝමගමට ගිය නාමල් - අපේ රජතුමාට ජයෙන් ජයම වේවා..!
02:08
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17