පාතාලයට ගිනි අවි නිෂ්පාදනය කරන ස්ථානයක් වටලයි

විවිධ ආකාරයේ ගිනි අවි සහ උණ්ඩ නිෂ්පාදනය කිරීමේ යෙදුනු බව කියන පිය පුතු දෙපළක් එලෙස සකස් කළ දේපළ රැසක් සමග කල්එළිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරක් අනුව කළ වැටලීමකදීයි මෙම ගිනි අවි ඇතුළු කොටස් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ගල්කටස් අවි දෙකක්, තුවක්කු බඳවල් දෙකක්, කොටස් ගලවා වෙන් කරන ලද වායු රයිෆල් දෙකක්, විවිධ ගිනි අවිවල කොටස් රැසක්, ඊයම් කුට්ටි, ඊයම් බෝල, ඊයම් බෝල සැකසීමට යොදා ගත් උපකරණයක්, සකසා ගත් ඊයම් බෝල පුරවා සැකසූ එස්. ජී. වර්ගයේ උණ්ඩ, උණ්ඩ පිරවීම සදහා යොදා ගන්නා බව කියන හිස් පතරොම් කොපු සහ පිහි කිහිපයක් අත්අඩංගුවට ගත් දේපළ අතර වනවා.

මේවා නිපදවීමට උපයෝගී කරගත් උපකරණ ආදිය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ස්ථානයේ නිෂ්පාදනය කරන ලද ගල්කටස් අවි කිහිපයක්, පාතාල කල්ලිවල සාමාජිකයන්ට රුපියල් හතලිස් දහසේ සිට විවිධ මිල ගණන්වලට අලෙවි කර ඇති බවද හෙළිවී තිබෙනවා.

මෙම පිය පුතු දෙපළ විදේශ රැකියාවල යෙදී සිටියදී ලබාගත් අත්දැකීම් මත මෙම ව්‍යාපාරය කාලයක් තිස්සේ රහසිගතව පවත්වාගෙන ගොස් ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

එමෙන්ම මෙහි නිපදවන ගිනි අවි විවිධ අපරාධ කන්ඩායම්වලට කුලී පදනම මත ලබාදී ඇත්ද යන්න අනාවරණ කර ගැනීමට ද පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මෙම ගිනි අවි නිෂ්පාදන ව්‍යාපාරයට ආධාර අනුබල දුන් පුද්ගලයන් හෙළිකරගෙන අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ලියවන පට්ටල් හිමියෙක් ද ඒ අතර වන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14