පාණ්ඩ්‍යා ලෝක කුසලාන සංචිතයට එක්කර ගැනීම ගැන ෂර්මා සහ අගාර්කාර් නොසතුටින්

හර්දික් පාණ්ඩ්‍යා ප්‍රමුඛ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2024 අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වූ පළමු කණ්ඩායම බවට මේ වනවිට පත්ව තිබෙනවා.

තරගාවලිය ආරම්භ වීමටත් පෙර රෝහිත් ෂර්මා මුම්බායි නායකත්වයෙන් ඉවත් කිරීමත් සමඟ මුම්බායි ඉන්දියන්ස් කඳවුර නොසන්සුන් බවක් පෙනෙන්නට තිබුණා.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් හතර දෙනෙකුම මෙවර මුම්බායි කඳවුරේ සිටීම විශේෂත්වයක්.

නායක රෝහිත් ෂර්මා, උප නායක හර්දික් පාණ්ඩ්‍යා, සූර්යකුමාර් යාදව් සහ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා මෙවර මුම්බායි කඳවුරේ ක්‍රීඩා කළා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ඇතැම් කාරණා කාලයත් සමඟ සමථයකට පත් වනු ඇතැයි අපේක්ෂා කළ නමුත් එය මේ දක්වා සිදු වූ බවක් පෙනෙන්නට නැහැ.

මේ අතර එළඹෙන ලෝක කුසලානය වෙනුවෙන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට හර්දික් පාණ්ඩ්‍යා ඇතුළත් කිරීමට නායක රෝහිත් මෙන්ම කමිටුවේ ප්‍රධානී අජිත් අගාර්කාර් ඇතුළු ඇතැම් BCCI තේරීම් සභිකයන් ද එකඟ නොවූ බවට මේ වනවිට තොරතුරු වාර්තා වනවා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලිය තුළ මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා එතරම් දක්ෂතා අතර නොසිටීම හේතුවෙන්.

මේ දක්වා තරග 13කදී පාණ්ඩ්‍යා ලකුණු 200ක් ලබාගෙන ඇත්තේ 144.93ක ප්‍රහාරාත්මක වේගයකින්.

ඊය අමතරව ඔහු තරග 13 කදී කඩුලු 11ක් දවාගෙන ඇත්තේ 10.59ක සාමාන්‍යක් රඳවා ගනිමින්.

කෙසේ වෙතත් ඔහුගේ පන්දු යැවීම තරමක් හෝ සාර්ථක වී ඇත්තේ තරගාවලියේ අවසාන භාගයේදීයි.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා පාණ්ඩ්‍යා තෝරාගෙන ඇත්තේ “පීඩනය යටතේ” බව ද වාර්තා වනවා.

එමෙන්ම මෙම ලෝක කුසලානයෙන් පසු රෝහිත් ෂර්මා විස්සයි විස්ස ආකෘතියෙන් ඉවත් වීමට ඉඩක් ඇති බවට ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතය තේරීමෙන් පසු රෝහිත් සහ තේරීම් කමිටු ප්‍රධානී අජිත් අගාර්කාර් මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී අගාර්කාර්ගෙන් විමසා සිටියේ හර්දික්ගේ දුර්වල ක්‍රීඩා විලාසය තිබියදීත් ඔහු ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් තේරීම් කමිටු සභාපතිවරයා සඳහන් කළේ පවතින දක්ෂතා සහ සංචිතයට හර්දික් වෙනුවට ආදේශකයක් නොමැති බැවින් ඔහුව සංචිතය සඳහා එක්කර ගත් බවයි.

කෙසේ වෙතත් මෙවර ලෝක කුසලාන සංචිතය සඳහා හර්දික් පාණ්ඩ්‍යා ඇතුළත් කිරීම සම්බන්ධයෙන් බොහෝ පිරිසකට ඇත්තේ ගැටළුවක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14