පාණ්ඩ්‍යා ගුජරාටය හැරදා මුම්බායි නොයයි

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාව 2024 අයි.පී.එල්. තරගාවලිය සඳහා ද ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් රඳවා ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළ දී විදෙස් මාධ්‍ය වාර්තා කළේ හර්දික් පාණ්ඩ්‍යා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වීමේ සැලසුමක් ඇති බවයි.

පාණ්ඩ්‍යා යළි මුම්බායි ඉන්දියන්ස් සමඟ එක්වන බවට පැතිර ගිය පුවතත් සමඟ ක්‍රිකට් විචාරකයින් පැවසුවේ, පාණ්ඩ්‍යා මුම්බායි පිළ සමඟ එක්වුව හොත් එහි නායකත්වය ද ඔහුට ලබාදීමට සූදානමක් පවතින බවයි.

මුම්බායි පිළේ වත්මන් නායක රෝහිත් ශර්මාට පසුව, පසු පෙළ නායකත්වයක් සැකසීමේ අරමුණ ඇතිව මුම්බායි කණ්ඩායමේ හිමිකාරිත්වය මෙලෙස පාණ්ඩ්‍යා යළි සිය කණ්ඩායම එක්කර ගැනීමට කටයුතු කරන බවට ද ඇතැම් පිරිස් මත පළකර සිටියා.

එම මාධ්‍ය වාර්තා සහ ප්‍රකාශයන් සියල්ල බොරුවක් බවට තහවුරු කරමින් එළඹෙන අයි.පී.ඒ තරගාවලියේ දී ගුජරාට් ටයිටන්ස් සමඟ රැඳීමට හර්දික් පාණ්ඩ්‍යා මේ වනවිට කටයුතු කර තිබෙනවා.

මේ අතර මෙවර තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් දෙස් විදෙස් ක්‍රීඩකයින් අටදෙනෙක් නිදහස් කිරීමට ගුජරාට් පිළ කටයුතු කර ඇති බව වාර්තා වුණා.

එලෙස නිදහස් කළ ක්‍රීඩකයි අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ද ඇතුළත්.

80335c08 f4af 4a5f 901d 177f8e068f73


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12