පාඨලීගේ රිය අනතුරේ නඩුව අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරනවා ද නැද්ද තීන්දුව කල්තබයි

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී පරික්ෂාකාරී ලෙස රිය පදවා රිය අනතුරක් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අතුරු නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන තීන්දුව නොවැම්බර් මස 15 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (30) නියෝග කළා.

පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

පෙත්සම කැදවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රථය පැදවූ පෙත්සම්කරුගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර නමැත්තා වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට දඩුවම් නියම කර ඇතැයි සඳහන් කළා.

මෙම රිය අනතුරු සිද්ධියට පෙත්සම්කාර පාඨලී චම්පික රණවකගේ සම්බන්ධයක් නොමැති බව එහිදී මහෙස්ත්‍රාත්වරයා තීරණය කර තිබූ බව මෙම නඩු විභාගයේදී මහේස්ත්‍රාත්වරයා විසින් තීන්දු කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

එසේ තිබියදී අදාළ චෝදනාව සම්බන්ධයෙන් පෙත්සම්කරුට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එබැවින් අදාළ අධිචෝදනා පත්‍රය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ රිය අනතුරු සම්බන්ධයෙන් 2019 වසරේ අගතියට පත් පාර්ශ්වය විසින් සිදුකළ නව පැමිණිල්ලක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් සිදුකළ බව සඳහන් කළා.

එම විමර්ශනයේදී අදාළ රිය අනතුරු සිද්ධියේ නියම සැකකරු පිළිබදව සාක්ෂි අනාවරණය වූ බවත් ඒ අනුව පෙත්සම්කරුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කළ බවත් ඔහු කියා සිටියා.

යම් සැකකරුවෙකුට එරෙහිව සාක්ෂි අනාවරණය වන අවස්ථාවක නීතිපතිවරයා නඩු පැවරීමෙන් වැළකී සිටින්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉදිරිපත් වූ නව සාක්ෂි මත පෙත්සම්කරුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කළ බවත් කියා සිටියා.

ඒ, අනුව පෙත්සම්කරුගේ ඉල්ලීම් ඉවත දමා ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය ඉදිරියටත් පවත්වාගෙන යාමට අවසර දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල මෙම පෙත්සමට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා නොවැම්බර් මස 03 දාට පෙර ගොනුකරන ලෙසත් මෙම පෙත්සම විභාගයට අවසර දෙන්නේ ද නැද්ද යන තීරණය නොවැම්බර් මස 15 වනදා ප්‍රකාශයට පත්කරන බවත් නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26