spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාඨලීගේ නඩුව අත්හිටුවන්න – අභියාචනාධිකරණය දැනුම්දෙයි

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා බරපතළ අනතුරක් සිදු කිරීමේ චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහි ව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් අධිකරණ නියෝගයේ සඳහන් වූ බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදෙනු ලැබුවා.

පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අධිකරණය මෙම නියෝග නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?