පාචනය හැදුණු විමල් දැන් සුවෙන් – නඩුවට ඉදිරියේ දී පෙනී සිටින බවත් කියයි (වීඩියෝ)

තමාට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුවට ඉදිරියේ දී පෙනී සිටින බව ‍පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

පාදුක්ක ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

සතියක පමණ කාලයක සිට තමන් අසනීප තත්ත්වයෙන් පෙළුණු බවත්, මේ වනවිට තමන් සුවෙන් පසුවන බවත් ඔහු මෙහි දී පැවසුවා.

රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වී ඇති බවට චෝදනා එල්ල වී සිටින මන්ත්‍රී විමල් විරවංශ මේ දිනවල උණ, වමනය හා පාචනය රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව ඔහුගේ නීතිඥවරුන් පසුගිය පළමුවනදා කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නා.

අදාළ නඩුව එදින කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳ වූ අතර, එම අවස්ථාවේ දී විත්තිකාර විමල් වීරවංශ මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී සිටියේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42