spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාචනය හැදුණු විමල් දැන් සුවෙන් – නඩුවට ඉදිරියේ දී පෙනී සිටින බවත් කියයි (වීඩියෝ)

තමාට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුවට ඉදිරියේ දී පෙනී සිටින බව ‍පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

පාදුක්ක ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

සතියක පමණ කාලයක සිට තමන් අසනීප තත්ත්වයෙන් පෙළුණු බවත්, මේ වනවිට තමන් සුවෙන් පසුවන බවත් ඔහු මෙහි දී පැවසුවා.

රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වී ඇති බවට චෝදනා එල්ල වී සිටින මන්ත්‍රී විමල් විරවංශ මේ දිනවල උණ, වමනය හා පාචනය රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව ඔහුගේ නීතිඥවරුන් පසුගිය පළමුවනදා කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නා.

අදාළ නඩුව එදින කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳ වූ අතර, එම අවස්ථාවේ දී විත්තිකාර විමල් වීරවංශ මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?