පාකිස්ථාන ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය ඇරඹෙයි

පාකිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ ටිකට්පත් මිලදී ගැනීමට දැන් හැකියාව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව www.srilankacricket.lk වෙත පිවිසීමෙන් ක්‍රිකට් ලෝලීන්ට ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකියි.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන 16 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සහ කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදීයි මෙම ටෙස්ට් තරග දෙක පැවැත්වෙන්නේ.

Pakistan vs Sri Lanka Tickets