spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්ථාන පිළිතුරු ඉනිමේ ආරම්භයට බාධාවක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයට යළිත් වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

ඉන්දීය ඉනිමේ අවස්ථා දෙකකදී ද වර්ෂාව හේතුවෙන් තාවකාලිකව නතර කෙරුනු අතර පාකිස්ථාන පිළිතුරු ඉනිමේ ආරම්භයට ද වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාත්‍රී 9ට තරග තීරකයන් විසින් තණතිලි පරීක්ෂාවක් සිදු කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව තරගයේ ඉදිරිය සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති.

ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට පාකිස්ථානයට ලැබී ඇති ඉලක්කය ලකුණු 267ක්.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 266ක්.

ඉෂාන් ක්‍රිෂන් පන්දු 81කින් ලකුණු 82ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ද සමගින්.

හර්දික් පාන්ඩ්යා පන්දු 91කින් ලකුණු 87ක් ලබාගත්තා. ඊට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ඇතුලත්.

Shreyas Iyer ලකුණු 14ක් ලබා ගත්තා. නායක රෝහිත් ශර්මා 11යි. විරාත් කෝලි ලකුණු 4කට දැවී ගියා.

පන්දු යැවීමේදී ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 35කට කඩුලු 4ක් බිඳහෙළුවා. හැරිස් රාවුෆ් කඩුලු 3යි. Naseem Shah කඩුලු 3ක් දවා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?