පාකිස්ථාන පාලනය යටතේ පවතින කාශ්මීරයේ දරුණු ගැටුම්: සිවිල් වැසියන් 9 දෙනෙකු ජීවිතක්ෂයට

පාකිස්ථානය විසින් පාලනය කරනු ලබන කාශ්මීර කලාපයේදින කිහිපයක් තිස්සේ පැවැති දැවැන්ත මහජන විරෝධතා සහ පාකිස්ථාන ආරක්ෂක අංශ අතර ඇතිවූ දරුණු ගැටුම්වලින් සිවිල් වැසියන් 09 දෙනෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබීමෙන් පසු, විරෝධතාකරුවන් සහ රජය අතර ඇතිකරගත් තාවකාලික එකඟතාවක් මත විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව නතර කර ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

කලාපය තුළ පවතින අධික ජීවන වියදම, තිරිඟු පිටි සඳහා ලබාදෙන සහනාධාර කපාහැරීම සහ විදුලි ගාස්තු අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව ‘කාශ්මීර ඒකාබද්ධ මහජන ක්‍රියාකාරී කමිටුව’ විසින් මෙම දීර්ඝ විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබුණා .

මුසාෆරබාද් අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක පැවැති විරෝධතා මර්දනය කිරීම සඳහා පාකිස්ථාන රජය විසින් අර්ධ සන්නද්ධ පොලිස් බලඇණි කැඳවීමට පියවර ගත් අතර, එහිදී විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ වෙඩි හුවමාරු සහ කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් තත්ත්වය අතිශය දරුණු අතට හැරුණා.

ගැටුම්වලින් පොලිස් නිලධාරියෙකු ද ඇතුළුව පුද්ගලයන් 09 දෙනෙකු මියයාමත් සමඟ කලාපය පුරා දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් හටගත් අතර, ජංගම දුරකථන සහ අන්තර්ජාල සේවාවන් ද රජය විසින් තහනම් කරනු ලැබුවා.

පවතින මාරාන්තික තත්ත්වය සමනය කිරීම සඳහා පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි කාශ්මීර කලාපය වෙනුවෙන් රුපියල් බිලියන 23ක (ඇමරිකානු ඩොලර් මිලියන 82ක) විශේෂ සහනාධාර පැකේජයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා .

මෙමඟින් තිරිඟු පිටි මිල ගණන් සහ විදුලි ගාස්තු සැලකිය යුතු මට්ටමකින් පහත හෙළීමට රජය එකඟ වී තිබෙනවා.

රජයේ මෙම ලිහිල් ප්‍රතිපත්තිය සහ ඉල්ලීම් ඉටුකිරීමට දුන් පොරොන්දු හේතුවෙන් විරෝධතාකරුවන් සිය පාගමන් තාවකාලිකව නතර කිරීමට එකඟ වී ඇති නමුත්, මියගිය සිවිල් වැසියන් වෙනුවෙන් සාධාරණය ඉටුනොවන්නේ නම් නැවත වරක් දැවැන්ත අරගලයකට අවතීර්ණ වන බව JAAC සංවිධානය අනතුරු අඟවා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37