පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය හා ආසියානු ක්‍රිකට් කවුන්සිලය මත ගැටුමක

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය, ආසියානු ක්‍රිකට් කවුන්සිලය සමඟ ඊයේ මත ගැටුමක් ඇති කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල පාකිස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වය යටතේ පැවති ආසියානු කුසලාන තරගාවලියේ ගුවන් ගමන් සංවිධානය කිරීම සම්බන්ධයෙන් අමතර වන්දියක් ඉල්ලා මෙම මත ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම තරගාවලිය වෙනුවෙන් ඉන්දියාව පාකිස්ථානය යෑමට ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇස්තමේන්තු ගතකර තිබූ වියදම්වලට වඩා වැඩි වියදමක් තරගාවලිය වෙනුවෙන් වැය කිරීමට සිදු වූ බවයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර, කණ්ඩායම් සඳහා වරලත් ගුවන් ගමන් කුලියට ගැනීම වෙනුවෙන් දරණ වියදම් මෙලෙස පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගුවන් ගමන් වෙනුවෙන් ඩොලර් 281,700ක මිලක් ගුවන් ගමන් සංවිධානය කරන සමාගම විසින් අයකරගෙන තිබෙනවා.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉල්ලා ඇති වන්දි මුදල් ගෙවනවා නැද්ද යන්න පිළිබඳව ආසියානු ක්‍රිකට් කවුන්සිලය තවමත් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14