පාකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටු සභාපති තනතුරට යළි ඉන්සමාම් උල් හක්

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඉන්සමාම් උල් හක් දෙවැනි වරටත් පාකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති තනතුරට තේරී පත්ව තිබෙනවා.

පාකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස හරූන් රෂීඩ්, පසුගිය මාසයේ එම තනතුරෙන් ඉවත් වුණා.

ඒ, අනුව පුරප්පාඩුව පැවති තනතුර සඳහා මෙම කිරීම සිදුකර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඉන්සමාම් උල් හක් 2016 සිට 2019 දක්වා කාලය තුළ ප්‍රධාන තේරීම් කමිටු නිලධාරියා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

ඔහු යලිත් එම තනතුරේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ප්‍රථම රාජකාරිය වී ඇත්තේ අගෝස්තු 22 වැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවේ දී ආරම්භ වන එක්දින තරගාවලිය සඳහා පාකිස්ථාන සංචිතය තෝරා ගැනීමයි.

ඉන් අනතුරව එළඹෙන ආසියානු කුසලානය සඳහා එක්වන සංචිතය ද තෝරා ගැනීම ඔහුට පැවරෙන තවත් රාජකාරියක්.

මෙම සංචිත දෙක අගෝස්තු 10 වැනිදා පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඉන්සමාම් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23