spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටු සභාපති තනතුරට යළි ඉන්සමාම් උල් හක්

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඉන්සමාම් උල් හක් දෙවැනි වරටත් පාකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති තනතුරට තේරී පත්ව තිබෙනවා.

පාකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස හරූන් රෂීඩ්, පසුගිය මාසයේ එම තනතුරෙන් ඉවත් වුණා.

ඒ, අනුව පුරප්පාඩුව පැවති තනතුර සඳහා මෙම කිරීම සිදුකර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඉන්සමාම් උල් හක් 2016 සිට 2019 දක්වා කාලය තුළ ප්‍රධාන තේරීම් කමිටු නිලධාරියා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

ඔහු යලිත් එම තනතුරේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ප්‍රථම රාජකාරිය වී ඇත්තේ අගෝස්තු 22 වැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවේ දී ආරම්භ වන එක්දින තරගාවලිය සඳහා පාකිස්ථාන සංචිතය තෝරා ගැනීමයි.

ඉන් අනතුරව එළඹෙන ආසියානු කුසලානය සඳහා එක්වන සංචිතය ද තෝරා ගැනීම ඔහුට පැවරෙන තවත් රාජකාරියක්.

මෙම සංචිත දෙක අගෝස්තු 10 වැනිදා පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඉන්සමාම් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?