පාකිස්ථාන කණ්ඩායමට දඩයක්

නවසීලන්තයට එරෙහිව ඊයේ (04) ඉන්දියාවේ බැංගලෝර් හි එම්.චින්නස්වාමි ක්‍රීඩාංගනයේ දී පැවති තරගයෙන් පසු පාකිස්ථාන කණ්ඩායමට දඩයක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබෙනවා.

ඒ, නවසීලන්ත ඉනිම තුළ මන්දගාමී පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන්.

මේ හේතුවෙන් පාකිස්තානයට තරඟ ගාස්තුවෙන් 10%ක දඩයක් නියම කර ඇති බවයි වාර්තා වුණේ.

ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව, ක්‍රීඩකයින්ට නියමිත කාලය තුළ පන්දු යැවීමට අපොහොසත් වන සෑම ඕවරයකටම ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් 5%ක දඩයක් අය කෙරෙනවා.

ඒ, අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පෙන්වා දුන් වරද පාකිස්ථාන නායක බාබර් අසාම් පිළිගැනීමත් සමඟ මෙම දඩ මුදල නියමකර තිබෙනවා.

නවසීලන්තයට එරෙහිව ඊයේ පැවති තීරණාත්මක තරගය ඩක්වර්ත්-ලුවිස් න්‍යායට අනුව පාකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කළා.

එත් සමඟ තරගාවලියේ සුපිරි හතරදෙනා අතරට පැමිණීමේ බලාපොරොත්තු තවදුරටත් රඳවාගන්නට පාකිස්ථානයට අවස්ථාව උදාවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08