spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්ථාන කණ්ඩායමට දඩයක්

නවසීලන්තයට එරෙහිව ඊයේ (04) ඉන්දියාවේ බැංගලෝර් හි එම්.චින්නස්වාමි ක්‍රීඩාංගනයේ දී පැවති තරගයෙන් පසු පාකිස්ථාන කණ්ඩායමට දඩයක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබෙනවා.

ඒ, නවසීලන්ත ඉනිම තුළ මන්දගාමී පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන්.

මේ හේතුවෙන් පාකිස්තානයට තරඟ ගාස්තුවෙන් 10%ක දඩයක් නියම කර ඇති බවයි වාර්තා වුණේ.

ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව, ක්‍රීඩකයින්ට නියමිත කාලය තුළ පන්දු යැවීමට අපොහොසත් වන සෑම ඕවරයකටම ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් 5%ක දඩයක් අය කෙරෙනවා.

ඒ, අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පෙන්වා දුන් වරද පාකිස්ථාන නායක බාබර් අසාම් පිළිගැනීමත් සමඟ මෙම දඩ මුදල නියමකර තිබෙනවා.

නවසීලන්තයට එරෙහිව ඊයේ පැවති තීරණාත්මක තරගය ඩක්වර්ත්-ලුවිස් න්‍යායට අනුව පාකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කළා.

එත් සමඟ තරගාවලියේ සුපිරි හතරදෙනා අතරට පැමිණීමේ බලාපොරොත්තු තවදුරටත් රඳවාගන්නට පාකිස්ථානයට අවස්ථාව උදාවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
5
+1
0
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?