පාකිස්ථාන – ඇෆ්ගනිස්ථාන ගැටුම්වලින් සිවිල් වැසියන් 372ක් ජීවිතක්ෂයට

2026 වසරේ මුල් මාස තුන ඇතුළත පාකිස්ථාන – ඇෆ්ගනිස්ථාන දේශසීමා සන්නද්ධ ගැටුම් හේතුවෙන් ඇෆ්ගනිස්ථාන සිවිල් වැසියන් අවම වශයෙන් 372 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර තිබෙනවා .

ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සහාය මෙහෙයුම (UNAMA) නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, මෙම කාලසීමාව තුළ තවත් සිවිල් වැසියන් 397 දෙනෙකු තුවාල ලබා ඇති බවත් සඳහන් .

එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව ජනවාරි 1 සිට මාර්තු 31 දක්වා කාලය තුළ දේශසීමා හරහා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් 95ක් ලේඛනගත කර තිබෙනවා .

මින් බහුතරයක් ජීවිත හානි වාර්තා වී ඇත්තේ පෙබරවාරි 26 වැනිදා පාකිස්ථානය විසින් ආරම්භ කරන ලද “ඔපරේෂන් ගසාබ් අල්-හක්” (Operation Ghazab al-Haq) මිලිටරි මෙහෙයුමෙන් පසුවය.

ඇෆ්ගනිස්ථාන භූමියේ සිට ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම් පාකිස්ථානය තුළ එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් පාකිස්ථානය මෙම මෙහෙයුම දියත් කළා .

සිවිල් වැසියන්ගේ මරණවලින් සියයට 64කටම හේතුවී ඇත්තේ පාකිස්ථාන ගුවන් ප්‍රහාර වන අතර, ඉතිරි මරණ දේශසීමා හරහා එල්ල වූ කාලතුවක්කු සහ මෝටාර් ප්‍රහාර නිසා සිදුව තිබෙනවා .

මියගිය පිරිස අතර කාන්තාවන් 13ක්, දරුවන් 46ක් සිටිනවා.

දරුණු පිළිස්සුම් සහ සිරුරු කොටස් විසිරී යාම හේතුවෙන් බොහෝ මළසිරුරු හඳුනා ගැනීමට පවා නොහැකි වී ඇති අතර, සැබෑ මරණ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

මෙම තත්ත්වය හමුවේ ජාත්‍යන්තර මානුෂීය නීතිවලට ගරු කරන ලෙසත්, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසත්, පාසල් සහ රෝහල් මිලිටරි අරමුණු සඳහා භාවිත කිරීමෙන් වළකින ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙපාර්ශවයෙන්ම දැඩි ලෙස ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14