පාකිස්ථානුවන් ශ්‍රී ලංකා පළමු ඉනිම සුණු විසුනුකර දමයි

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 166කට සීමා වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ධනංජය ද සිල්වා සිය ටෙස්ට් දිවියේ 13 වන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 57ක් රැස් කළා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 34ක් රැස්කළ අතර, රමේෂ් මෙන්ඩිස් ලකුණු 27ක් රස කිරීමට සමත් වුණා.

අනෙක් කිසිඳු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවට ළඟාවීමට පාකිස්ථාන පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී අබ්රාර් අහමඩ් කඩුලු 04ක් සහ නසීම් ෂා කඩුලු 03ක් බිඳ දමමින් ශ්‍රී ලංකා පළමු ඉනිම වනසා දැමුවා.

මෙම තරගය පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේ දීයි.