පාකිස්ථානුවන්ට බැට දුන් ඇලන් 20-20 පිටියේ සුපිරි ලෝක වාර්තාවක් සම කරයි

ආරම්භක පිතිකරු ෆින් ඇලන්ගේ සුපිරි පිතිකරණයත් සමඟ පාකිස්ථානය සමඟ පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් සුපිරි ජයක් ලැබීමට නවසීලන්තයට සමත් වුණා.

මෙහිදී ෆින් ඇලන් විස්සයි විස්ස පිටියේ ලෝක වාර්තාවක් ද සම කිරීමට සමත් වුණා.

ඒ, පන්දුවාර විස්ස තරගයක දී පිතිකරුවෙක් එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ ලෝක වාර්තා සම කරමින්.

මෙම තරගයේ දී ෆින් ඇලන්ගේ පාකිස්ථාන පන්දු යවන්නන්ට එරෙහිව හයේ පහර 16ක් එල්ල කරනු ලැබුවා.

මීට පෙර ඇෆ්ගනිස්ථාන පිතිකරු හස්රතුල්ලා සසායි විසින් විස්සයි විස්ස ඉනිමක දී හයේ පහර 16ක් එල්ල කරමින් එම ලෝක වාර්තාව පිහිටුවා තිබුණා.

මේ අතර නවසීලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරගයක දී පිතිකරුවෙක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කළ පිතිකරුවා බවට ද ෆින් ඇලන්ට මෙම තරගයේ දී හැකියාව ලැබුණා.

ෆින් ඇලන් ඊයේ තරගයේ දී පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 05ක් සහ හයේ පහර 16ක් සමඟින් ලකුණු 137ක් රැස් කළා.

පාකිස්ථානය සමඟ ඊයේ (16) පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් නවසීලන්තයට ලකුණු 45 කින් ජයගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40