spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්ථානුවන්ට බැට දුන් ඇලන් 20-20 පිටියේ සුපිරි ලෝක වාර්තාවක් සම කරයි

ආරම්භක පිතිකරු ෆින් ඇලන්ගේ සුපිරි පිතිකරණයත් සමඟ පාකිස්ථානය සමඟ පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් සුපිරි ජයක් ලැබීමට නවසීලන්තයට සමත් වුණා.

මෙහිදී ෆින් ඇලන් විස්සයි විස්ස පිටියේ ලෝක වාර්තාවක් ද සම කිරීමට සමත් වුණා.

ඒ, පන්දුවාර විස්ස තරගයක දී පිතිකරුවෙක් එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ ලෝක වාර්තා සම කරමින්.

මෙම තරගයේ දී ෆින් ඇලන්ගේ පාකිස්ථාන පන්දු යවන්නන්ට එරෙහිව හයේ පහර 16ක් එල්ල කරනු ලැබුවා.

මීට පෙර ඇෆ්ගනිස්ථාන පිතිකරු හස්රතුල්ලා සසායි විසින් විස්සයි විස්ස ඉනිමක දී හයේ පහර 16ක් එල්ල කරමින් එම ලෝක වාර්තාව පිහිටුවා තිබුණා.

මේ අතර නවසීලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරගයක දී පිතිකරුවෙක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කළ පිතිකරුවා බවට ද ෆින් ඇලන්ට මෙම තරගයේ දී හැකියාව ලැබුණා.

ෆින් ඇලන් ඊයේ තරගයේ දී පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 05ක් සහ හයේ පහර 16ක් සමඟින් ලකුණු 137ක් රැස් කළා.

පාකිස්ථානය සමඟ ඊයේ (16) පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් නවසීලන්තයට ලකුණු 45 කින් ජයගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
37
+1
2
+1
17
+1
7
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?