පාකිස්ථානය සමඟ තරගයට අභිෂේක් අවිනිශ්චිතයි

අනිද්දා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පාකිස්ථානයට එරෙහි තරගයට ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මාගේ එක්වීම අවිනිශ්චිත බවට තොරතුරු වාර්තා වනවා.

උදරයේ ආසාදනයක් හේතුවෙන් අභිෂේක් ශර්මාව පසුගිය දා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණා.

ඔහු දිල්ලියේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කෙරුණු අතර, ඒ හ්තුවෙන් ඔහුට ඊයේ නැමීබියාව සමඟ පැවති තරගය ද අහිමිව ගියා.

අභිෂේක් ශර්මා ප්‍රතිකාර අවසන් කර රෝහලෙන් පිටව ආ නමුත් ඔහු තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉන්දීය කණ්ඩයමේ නායක සූර්යකුමාර් යාදව් පවසා තිබුණේ අභිෂේක් සම්පූර්ණ යෝග්‍යතාවය ලබාගැනීමට පෙර ඔහුට තරඟ එකක් හෝ දෙකක් මඟ හැරෙනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39