පාකිස්ථානය ගොඩගත් රිස්වාන් – ශකීල්ගේ ඉනිම

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පාකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 53ක් ලබා සිටිනවා.

මෙම තරගය රාවලපිණ්ඩි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර අද (23) තරගයේ තෙවැනි දිනයයි.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයා පළමු ව පන්දු යැවීම තෝරාගත් අතර; සිය පළමු ඉනිම වෙනුවෙන් පාකිස්ථානය කඩුලු 06 ක් දැවී ලකුණු 448ක් ලබා සිටියදී ඉනිම අත් හිටවනු ලැබුවා.

අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 171ක් ලබා ගත් අතර; රිස්වාන්ට අනගි සහායක් දුන් සවුද් ශකීල් ලකුණු 141ක් ලබා ගත්තා.

Saim Ayub ලකුණු 56යි.

කඩුලු බිඳ දැමීමේ දී Shoriful Islam සහ Hasan Mahmud කඩුලු දෙක බැගින් බිඳ දැමූ අතර; මෙහිඩි සහ ශකීබ් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

මේ වනවිට බංග්ලාදේශය පිළිතුරු ඉනිම අරඹා ඇති අතර; තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියෙහි රැඳී සිටින්නේ Shadman Islam සමගින් Mominul Haque.

Naseem Shah සහ Khurram Shahzad අතරේ එක් කඩුල්ල බැගින් බිඳී ගියා.

බංග්ලාදේශය පාකිස්ථානයේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 395ක් පසුපසින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා - පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55